Pages

Feb 19, 2013

දත්ත සහ තොරතුරු හදුනා ගනිමු.

දත්ත යනු මොනවාද ?


අවිධිමත්, අර්ථ රහිත, හා අසංවිධිත අංග සමූහයකි.
එනම්.....
සකස්කිරීමකට භාජනය නොකල සංඛ්‍යා, රූප, අකුරු, චිත්‍ර, ආදිය දත්ත ලෙසින් හැදින්විය හැකිය.
උදා:- තරු 65, කුමර 40
         80,30, 56, 70
දත්ත පිහිටන ආකර:
1. ලිඛිත සටහන් ( Text)
2. දෘෂ්‍ය (Visual)
3. ශ්‍රව්‍ය (Audio)
1. ලිඛිත සටහන් -
  • සංඛ්‍යාංක ( 0.....9)
  • අක්ෂර ( අ, ආ, ර, .....)
  • විරාම ලකුණු ( : , . )
  • විශේෂ සංකේ. ( #,@, $ .....)
2. දෘෂ්‍ය - 
පින්තුර ආදී ලෙස දක්නට ඇති දේ දෘෂ්‍ය ගණයට අයත් වේ.
3. ශ්‍රව්‍ය - 
ශබ්ද වශයෙන් ඇසෙන නොයෙක් ආකරයේ ශබ්ද මෙම ගණයට අයත්වේ.
දත්ත වර්ගීකරණය -
දත්ත ආකාර දෙකකි. එනම් ප්‍රමාණාත්මක හා ගුණාත්මක වේ.
ප්‍රමාණාත්මත දත්ත - 
  • සංඛ්‍යාත්මක ලෙස ඉදිරිපත් කළ හැකිය.
  • අංක ගණිතමය ක්‍රියාවලියකට භාජනය කල හැකිය.
  • සංඛ්‍යාත්මකව අනු පිළිවෙළකට සැකසිය හැකිය.
  • සංඛ්‍යා විද්‍යාත්මකව සැකසිය හැකිය
ගුණාත්මක දත්ත - 
  • සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීමට නොහැකි දත්ත මෙම ගණයට අයත් වේ.
උදා - හැඩය, පාට, ශබ්දය, ආදරය, කරුණාව

No comments:

Post a Comment