තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතාමත් වැදගත් ස්ථානයක් ගන්නවා. ඒකට හේතුව තමයි. නිවැරදි අවබෝධයක් ලබා දීම උදෙසා විස්තරාත්මක හා පැහැදිලි ඉගැන්වීමක් කරන්න පරිගණකය භාවිතයෙන් හැකි වීමයි. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ
- ඉගැන්වීම සඳහා
- ඉගෙනීම සඳහා
- කළමණාකරනය සඳහා
පරිගණකය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය උපයෝගි කර ගන්නවා. ඉතින් පහතින් සඳහන් අවස්ථාවන් වලදී භාවිතය ඉතාමත් හරවත් සහ ක්‍රමවත් ලෙස සිදු කිරීමට හැකියාව පවතිනවා.
- ඉගෙනුම් සහ ඉගැන්වීම් කටයුතු වලදි විද්‍යුත් අන්තර්ගතයන් (Electronic Content)භාවිතය කිරීමට ඇති හැකියාව. ඒ කියන්නෙ පරිගණකය භාවිතා කරල බොහොම පැහැදිලි ලෙස ඉගැන්වීම් කටයුතු කරන්න ගුරු පාර්ශවයට හැකියාව ලැබී තියෙනවා. අපි බලමු විද්‍යාව පාඩමක එන හෘදයවස්තුව වැනි ශරීර අවයව පිළිබදව කරුණු කියා දීමේදී ඒ පිළිබද විඩියෝ දර්ශනයක් මගින් ඉතාමත් පැහැදිලිව හා ඉක්මණින් කරුණු කියාදීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම අපිට බාහිර පරිසරය තුළ අත් හදා බලන්නට බැරි අත් දක්නින්ට බැරි යම් පරීක්ෂණ රසායනික ක්‍රියාකාරකම් වගේ දේවල් පරිගණකය ඇසුරින් බොහොම අපූරුවට කරන්න පුළුවන්. උදා. බෝම්බයක ක්‍රියාකාරීත්වය.
- අන්තර් ජලය හා පරිගණක ජාල පහසුකම් යොදා ගනිමින් මාර්ගගත (Online) අධ්‍යාපනය හා මාර්ගගත විභාග සදහා පෙනී සිටීමට ඇති හැකියාව. මේ සඳහ ඉගෙනුම් කළමණාකරන පද්ධති භාවිතයට ගැනෙනවා.(LMS - Learning Management System) මේ සඳහා Moodle කියන විවෘත කේත මෘදුකාංගය බහුලව භාවිතා කරනවා.
- පරිගණක ආධාරයෙන් ඉගෙනීම (CAL - Computer Aided Learning) මෙහිදී ශිෂ්‍යයිනට තමන් කැමති අයුරින් අධ්‍යයනයේ නියැලෙන්නට හැකියාව තියෙනවා. පරිගණකය ඇසුරින් සැකසු අධ්‍යාපනික වැඩසටහන් පරිගණකයේ මතකයේ රදවන්නටත් එහෙම නැත්නම් සුසංහිත (DVD) හා සංයුක්ත (CD) තැටි මගින් භාවිතා කරන්නටත් හැකියාව පවතිනවා. ඒ අනුව තමන් කැමති වේලාවක කැමති අයුරකින් තමන්ට ගැලපෙන වේගයකින් ඉගෙනීමට හැකියාව පවතිනවා. ඒ විතරක් නෙමෙයි මේවා නැවත නැවත භාවිතයට ගන්නටත් පුළුවන් වීම විශේෂයක්.
- ලෝක ව්‍යාප්ත ජාලය පදනම්ව ඉගෙනීම හා ඉගැන්වීම (WBT - Web Based Training/Teaching)
- රූපවාහිනි ඉගැන්වීම් වැඩ සටහන්
- විඩියෝ සම්මන්ත්‍රණ ඇසුරින් ඉගෙනුම් ඉගැන්වීමට කටයුතු සිදු කිරීම.
- අන්තර් ක්‍රියාකාරීත්ව සුදු පුවරුව භාවිතයෙන් ඉගැන්වීම (Interactive Whit Board )
- ඊ-පොත්(E-Books),විශ්වකෝෂ හා ශබ්ද කෝෂ (Encyclopedia, Dictionaries) භාවිතය.
- මීට අමතරව තොරතුරු ගවේෂණය උදෙසා අන්තර්ජාල භාවිතය.
- ඉහත කරුණු සියල්ලම භාවිතයට ගැනෙන්නේ ඉගැන්වීමට හා ඉගෙනීමටයි. ඊට අමතරව විශේෂයෙන්ම කළමණාකරන හා පරිපාලනමය කටයුතු සඳහාද පරිගණකය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදාගන්න පුළුවන්. කාර්යමණ්ඩලයේ පැමිණිම සටහන් කිරීමට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතය, ශිෂ්‍ය හා කාර්යමණ්ඩල තොරතුරු පරිගණක ගත දත්ත පාදක මගින් පවත්වාගැනීම, කාල සටහන් හා කාලච්ජේද වෙන්කිරීමට පරිගණක වැඩටසහන් භාවිතය වගේ දේවල් උදාහරණ ලෙස දක්වවන්න පුළුවන්.
No comments:
Post a Comment