දත්ත යනු මොනවාද ?
අවිධිමත්, අර්ථ රහිත, හා අසංවිධිත අංග සමූහයකි.
එනම්.....
සකස්කිරීමකට භාජනය නොකල සංඛ්‍යා, රූප, අකුරු, චිත්‍ර, ආදිය දත්ත ලෙසින් හැදින්විය හැකිය.
උදා:- තරු 65, කුමර 40
80,30, 56, 70
දත්ත පිහිටන ආකර:
1. ලිඛිත සටහන් ( Text)
2. දෘෂ්‍ය (Visual)
3. ශ්‍රව්‍ය (Audio)
1. ලිඛිත සටහන් -
- සංඛ්‍යාංක ( 0.....9)
- අක්ෂර ( අ, ආ, ර, .....)
- විරාම ලකුණු ( : , . )
- විශේෂ සංකේ. ( #,@, $ .....)
2. දෘෂ්‍ය -
පින්තුර ආදී ලෙස දක්නට ඇති දේ දෘෂ්‍ය ගණයට අයත් වේ.
3. ශ්‍රව්‍ය -
ශබ්ද වශයෙන් ඇසෙන නොයෙක් ආකරයේ ශබ්ද මෙම ගණයට අයත්වේ.
දත්ත වර්ගීකරණය -
දත්ත ආකාර දෙකකි. එනම් ප්‍රමාණාත්මක හා ගුණාත්මක වේ.
ප්‍රමාණාත්මත දත්ත -
- සංඛ්‍යාත්මක ලෙස ඉදිරිපත් කළ හැකිය.
- අංක ගණිතමය ක්‍රියාවලියකට භාජනය කල හැකිය.
- සංඛ්‍යාත්මකව අනු පිළිවෙළකට සැකසිය හැකිය.
- සංඛ්‍යා විද්‍යාත්මකව සැකසිය හැකිය
ගුණාත්මක දත්ත -
- සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීමට නොහැකි දත්ත මෙම ගණයට අයත් වේ.
උදා - හැඩය, පාට, ශබ්දය, ආදරය, කරුණාව