Pages

Nov 29, 2010

L3 Cache කියන්නෙ මොකක්ද?

 වර්තමානයේ පරිගණකයේ මතකය ප්‍රධාන කොටස් 2කට බෙදා දක්වයි.
  1. ප්‍රධාන මතකය (Main momry/Primary memory)
  2. ද්විතියික මතකය ( Secondary memory)
ප්‍රධාන මතකය කියන්නේ 
  • Random Access Memory (Ram) සසම්භාවි ප්‍ර වේශී මතකය 
  • Read Only Memory (Rom) ස්ථිර මතකය
  • Cache Memory  කැෂ් මතකය
Processor අවශ්‍ය කරන Data නිතරම RAM එකෙන් ගන්න ගියොත් ඒකෙන් දත්ත සැකසීමේ වේගය  අඩු වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම ඒක පරිගණකයේ භාවිතයටත් කරදරයක් . එම නිසා පරිගණකයෙහි කාර්යක්ෂමතාවය වඩාත් හොදින් පවත්වා ගැනීම සඳහා තවත් ප්‍රධාන මතක කොටසක් (Main Memory)  පවත්වාගෙන යනවා එම කොටසට තමයි Cache මතකය කියලා අපි හදුන්වන්නේ . මෙහි Ram එකෙන් ලබාගන්නා දත්ත සහ Processor මගින් සකස ලද දත්ත එනම් යම් තොරතුරු Ram එකට යවන තෙක් රඳවා ගැනීම සිදු කරනවා. Processor යෙහි වේගය වැඩි කිරීමට මේ Cache මතකය ඉතාමත් අවශ්‍ය කොටසක්, මෙහි ධාරිතාවය වැඩි වෙන තරමට කාර්යක්ෂමතාවයත් වැඩි වෙනවා. ඒක නිසා Processor එකට නිතර අවශ්‍ය කරන Data Store කරල තියා ගන්න Cache memory එකක් පාවිච්චි කරනවා. කෑෂ් මතකය සාමාන්‍යයෙන් Ram එකට වඩා speed එකෙන් වැඩියි. Cache memory Level 1, Level 2, Level 3 වශයෙන් Levels තුනකට එනවා. Level 3 Cache එක Level 1 හා Level 2 Cache වලට වඩා Size එකෙන් වැඩියි. හැබැයි අනෙක් දෙකට වඩා speed එක අඩුයි. සමහර විට Level 3 Cache එක Processor එකෙන් පිටතින් පිහිටන්නත් පුළුවන්. නමුත් Level 1 හැම විටම තුලම පිහිටා ඇත.

Mar 27, 2010

කීකරුව

ඔබ මට එන ලෙසට
ආයාචනය කළ හොත්
මම එන්නෙම්.
ඔබ මට යන ලෙසින්
අණ දුන්නොත්,
මම යන්නෙමි.
මට කිසිවක් ලැබුණත්,
නැතත්
දිවා,රැය ඔබගේ කාලයට
අනුගත වි මම රඟන්නෙමි.
කියනු මා හට
මම දිවි ගෙවනුයේ
මා වෙනුවෙන්ම ද.....?

Feb 8, 2010

ගුරුවරයා යනු කවරෙක්ද?

ගුරුවරයා යනු,

ගුරුවරයා මවෙකි/පියෙකි
ගුරුවරයා මග පෙන්වන්නෙකි
ගුරුවරයා සුසාධ්‍ය කරුවෙකි
ගුරුවරයා මිතුරෙකි/මිතුරියකි
ගුරුවරයා සමාජසෝධකයෙකි
ගුරුවරයා සංකෘතිය පවරාදෙන්නෙකි
ගුරුවරයා පුහුණුකරුවෙකි.


සෑම ‍මි‍නිසෙකුම නිර්මාණ කරු‍වෙකි. ජීවිතයේදී ඔහු විවිධ නිර්මාණ සිදුකරයි අත්හදා බලයි. මෙලෙස ළමා වියෙදී දරුවන් කරනුලබන නිර්මාණ නිසි ලෙස ඇගයීම තුළින් ළමාකාලයේදී ලබන පන්නරය සිය ජීවන වෘත්තිය කරගන්නවාට වඩා ශ්‍රී ලාංකීය සමාජය සුවස් දනන්ට ජීවිතය ගත කරන්නට තරම් සුදුසු පරිසරයක් ගොඩනගනවා නියතයි. නමුත් අපේ ආචාරීන් සමහරක් නොදරුවන් කරන නිර්මාණ පසු බට කරමින් ඉදිරි අනාගතය අදුරු කිරීම කණගාටුවට කරුණකි.

සුභ දවසක්

Feb 6, 2010

සිංහල අකුරු කරණය

ප්‍රිය සබඳ !


අපි සිංහල ලියන කියන කථාකරන පිරිසක් අතර මෙවන් ‍බ්ලොග් කරණයක් කිරීමට හැකිවීම පිළිබදව ඇත්තටම සතුටු වෙමි. ඉතින් අදින් අරඹන මේ සිංහල අකුරු කරණය ඉදිරියට කරන්නට දිරි දෙමින් ඔබ මා සමග නිරතුරුව ‍රැදෙනු ඇතැයි මාගේ විශ්වාසයි.මට හිෙතන නිවැරදි යැයි හැෙඟන ෙද් මම ලියමි වැරදි නම් ෙනාපමාව දන්වන්න උරණ ෙනාවෙමි කිසිවිෙටක

මෙසේ සිංහලෙන්