Pages

May 12, 2023

පැතුරුම් පත් මෘදුකාංග 4.... නිරපේක්ෂ හා සාපේක්ෂ කෝෂ ලිපින

 සාපේක්ෂ කෝෂ ලිපින

පැතුරුම් පත් භාවිතයෙන් ගණිත සමිකරණ හා ශ්‍රිත භාවිත කරමින් ගණනය කිරිම් සිදු කරනු ලබයි. මේ පිළිබද විස්තරාත්මක පෝස්ටුවක් මීට ඉහත දී යොමු කර ඇති අතර අවශ්‍ය නම් එය බලන්න. 

මෙසේ ගණනය කිරීම් සිදුකිරීමේදී ඒවා වඩාත් පහසු හා කාර්යක්ෂම කිරීම සදහා කෝෂ ලිපින පිටපත් කිරීම සිදුකරයි. ඒ එක් ගණය කිරීමක් සිදුකර ඒවා අනෙක් කෝෂ වලට ද ඉතා ඉක්මනින් පිටපත් කිරීමෙන් ඊට අදාල අනෙකුත් කෝෂ වල ගණනය කිරීම් ඉතා පහසුවෙන් හා  කඩිනමින් සිදු කල හැකි නිසාවෙනි. මෙහි දි එක් කෝෂයක ගණනය කිරීම අනෙක් කෝෂ වලට සාපේක්ෂ වශයෙන් පිටපත් වීම සිදුවේ. 

පහත වැඩ පතෙහි C2 කෝෂයේ ලියා ඇති සමීකරණය (=A2*B2) ඉතාමත් පහසුවෙන් අනෙකුත් කෝෂ වලට පිටපත් කර පිළිතුරු ලබාගත හැකිවේ. මෙහිදී අනෙකුත් කෝෂ වලදී සාපේක්ෂ වශයෙන් කෝෂ ලිපින වෙනස් වෙමින් අදාල පිළිතුරු ලබා දීම සිදු කරයි. 

උදා. C3 කෝෂයේදී සුත්‍රය =A3*B3

        C4  කෝෂයේදී සුත්‍රය =A4*B4 ආදී වශයෙන්

 

නමුත් යම් අවස්ථාවලදී එකම කෝෂයක ඇති අගයක් මගින් අනෙක් කෝෂ වල ගණනය කිරීම් සිදුකීරීමට වන අවස්ථා ද පවතී. එවැනි අවස්ථාවලදී සාපේක්ෂ වශයෙන් කෝෂ වල ලිපින වෙනස් නොවී පැවතීම අනීවාර්ය අංගයකි. මෙවැනි අවස්ථාවලදී නිරපේක්ෂ කෝෂ ලිපින භාවිතා කිරීම සිදුක කරයි.

නිරපේක්ෂ කෝෂ ලිපින

කෝෂයක් නිරපේක්ෂ කිරීම සඳහා $ (ඩොලර සලකුණ) භාවිතයට ගනි.

නිරපේක්ෂ කෝෂ ලිපින අකාර 3 කි.

1. පේළි නිරපේක්ෂය - මෙහිදී පේලියේ අංකයට පෙර $ ලකුණ යෙදීම සිදුකරයි. මේ ආකාරයේ කෝෂ ලිපින මගින් පේලිය මාරු උවද කෝෂ ලිපිනය නොවෙනස්ව පවතී. එනම් තිරුවක් දීගේ  පහලට හෝ ඉහලට පිටපත් කිරීම සිදු කරයි.

උදා. A$1*B1 

2. තීරු නිරපේක්ෂය - මෙහිදි තිරුවේ අක්ෂරයට පෙර $ ලකුණ යෙදීම සිදුකරයි. පේලියක් දිගේ පිටපත් කිරීම සිදු කරයි. 

උදා- $CD456*CF456

3. කෝෂ නිරපේක්ෂය - තීරුවේ අක්ෂරයට මුලින් හා පේලිය අංකයට පෙරින් $ ලකුණ යොදයි. තිරූවක් දිගේ හෝ පේළියක් දිගේ යන ආකාර දෙකටම පිටපත් කිරීම සිදු කල හැකිවේ. 

උදා- $A$1*B1

$CD$456*CF456