සමීකරණ ඇතුලත් කිරීම.
සමීකරණයක් ඇතුලත් කිරීමට මුලින්ම සිදු කල යුත්තේ සමාන ලකුණ (=)ඇතුලත් කිරීමයි. ඉන්පසුව අදාල කෝෂ ලිපින හා ගණිත සලකුණු (+,-,/,*) හා සංඛ්‍යා බාවිතා කල හැකිවේ.
උදා - A3 හා A4 කෝෂ වල ඇති සංඛ්‍යා එකතු කිරීම, ගුණ කිරීමට අදාල සමීකරණ පහත දැක්වේ.
=A3+A4 ( එකතු කිරීමට අදාල සමීකරණය)
=A3*A4 (ගුණ කිරීමට අදාල සමීකරණය)
වැදගත් - මෙම කෝෂ ලිපින වල ඇති සංඛ්‍යා භාවිතා කරමින්ද ඉහත ගණනය කිරීම සිදු කල හැකි වුවද එය නිවැරදි ගණනය කිරීමක් ලෙස නොසලකයි. (ගණනය කිරීම හරි වුව ද වැරදි පිලිතුරකි)
තවදුරටත්......
ඉහත A3 කෝෂයේ ඇති අගය 35න් ගුණ කල යුතු යැයි සිතමු. එවිට සමිකරණය වන්නේ.
=A3*35
ශ්‍රිත ඇතුලත් කිරීම
= ශ්‍රිතයේ නම (කෝෂ පරාසය)
උදා - A3 හා A4 කෝෂ වල ඇති සංඛ්‍යා එකතු කිරීම, ගුණ කිරීමට අදාල ශ්‍රිත
=sum(A3:A4)
=sum(A3,A4) මෙම ක්‍රම දෙකටම එකතු කිරීම සිදුකල හැකිවේ
**** ගුණ කිරීම, බෙදීම, අඩු කිරීම සදහා ශ්‍රිත නොමැති අතර මේ සදහා සමීකරණ පමණක් භාවිතයට ගනී.
Average - කෝෂ පරායක සාමාන්‍ය ගණනය කරයි.
Max - කෝෂ පරාසයක උපරිම අගය පෙන්වයි.
Min - කෝෂ පරාසයක අවම අගය පෙන්වයි.
Count- කෝෂ පරායක සංඛ්‍යා ඇතුලත් කර ඇති කෝෂ ගණන පෙන්වයි.
උදා
=Average(B467:C479)
=Max(AB45:AB54)
=Min(A1,A2,A3,A4)
=Count(A1:A4,B6:B9)