Pages

Aug 3, 2022

පැතුරුම් පත් මෘදුකාංග 2

ප්‍රධාන වශයෙන් දත්ත ඇතුලත් කිරීම පහත ක්‍රම අනුව සිදු කරන්නට පුළුවන්.

  1. පාඨ (Text) ඇතුලත් කිරීම
  2. සංඛ්‍යා (Number) ඇතුලත් කිරීම
  3. සමීකරණ හා ශ්‍රිත ඇතුලත් කිරීම.

පාඨ (Text) ඇතුලත් කිරීම.

සක්‍රීය කෝෂය මගින් වැඩ පතකට දත්ත ඇතුලත් කිරිමට හැකිය.එකී කෝෂයට දත්ත ඇතුලත් කර Enter යතුර එබීමෙන් සම්පූර්ණ වේ. වැඩ පතකට ඇතුලත් කරන අකුරු, සලකුණු සහ සංඛ්‍යාංක  පාඨ ලෙස සැලකේ. මෙසේ ඇතුලත් කරන පාඨ එකතු කිරීම් අඩු කිරීම් වැනි ගණිත කර්ම සඳහා භාවිතා නොකරන යමක් හැඳින්වීම සඳහා භාවිතා කරන ඒවා වේ. 

උදා. නම, Name, ලිපිනය, Address, 

නිවසේ අංකය - අංක 12/24, 

දුරකථන අංකය - 078 234 1234 

පළමු උදාහරණයේ භාවිතයට ගෙන ඇත්තේ අකුරු පමණි. ඒවා පාඨ (Text) ලේබල (Label) වේ.

නිවසේ අංකය, දුරකථන අංකය වැනි දේ ඉලක්කම් භාවිතා කර ඇතත් මෙවා ගණිතමය කටයුතු සදහා යොදා නොගන්නා බැවින් ඒවා අක්ෂරාංක ලෙස හැදින් වේ. මෙහිදී අකුරු සමග අංක යෙදීම, ඉහත උදාහරණයේ පරිදි දුරකථන අංක වැනි අංක ගණිතමය කටයුත්තක්  (සැසදීම, එකතු කිරීම, අඩුකිරීම) නොකරන අංක බැවින් මේවා අක්ෂරාංක හෙවත් පාඨ ලේබල ලෙස සැලකේ. 

මෙසේ ඇතුලත් කරන ලේබල, පාඨ කෝෂයේ  වම් පසට එකෙල්ලව පිහිටයි. පහත පින්තූරය බලන්න.

 

 සංඛ්‍යා (Number) ඇතුලත් කිරීම.

ගණිතමය කටයුතු ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, වැඩිකිරීම, සන්සන්දනය කිරීම, වටිනාකම් දැක්වීම වගේ ගණිතමය කටයුතු සදහා ඇතුලත් කරන අංක සංඛ්‍යා ලෙස හැදින්වේ. මෙම අංක භාවිතයෙන් ඔනෑම ගණිත කර්මයක් සිදුකලහැකිවේ. මෙහි ප්‍රභේද කිහිපයක් වන අතර ඒවා පහත පරිදි වේ. 

  • පූර්ණ සංඛ්‍යා
  • දශම සංඛ්‍යා
  • භාග සංඛ්‍යා
  • ප්‍රතිශත සංඛ්‍යා
  • විද්‍යාත්මක සංඛ්‍යා 
  • දිනය 
  • වේලාව
  • මුදල්

සංස්කරණය නොකර මුලින්ම ඇතුලත් කරන අවස්ථාවේ කෝෂයේ වම් පසට එකෙල්ලප පිහිටයි. 

 
 සමීකරණ හා ශ්‍රිත ඇතුලත් කිරීම.

සමීකරණ හෝ ශ්‍රිත ඇතුලත් කිරීමේදී එම කෝෂය තුළ මුලින්ම සමාන ලකුණ (=) ඇතුලත් කලයුතුවේ. ඉන්පසුව අදාල කෝෂ ලිපින ගණිත කටයුත්තට අදාල සලකුණු ආදිය ඇතුලත් කරන්න.

උදා - A2 සහ A3 ‍කෝෂ තුළ ඇති සංඛ්‍යාවල එකතුව A4 කෝෂය තුල පෙන්වීම සඳහා ඇතුලත් කල යුතු සමීකරණ පහත දැක්වේ

=A2+A3 

එකතු කිරීමේ ශ්‍රිතය ඇතුලත් කරන්නෙ මෙහෙමයි

=sum(A2:A3)

ශ්‍රිත ලිවීම පිළිබදව වෙනම කොටසකින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙමි.

මෙහිදී කෝෂ පරාසයක් දක්වා ඇත. කෝෂ පරාසයක් යනු කෝෂ දෙකක් හෝ ඊට වැඩි ගණනක් දෙතිත භාවිතා කරමින් සටහන් කිරීමයි. මෙහිදී ආරම්භ කෝෂ ලිපිනය දෙතිත(:) අවසන් කෝෂ ලිපිනය යන ආකරයෙන් ලියයි. 

කෝෂ පරායට උදාහරණ.

A1:A2  - මෙහි කෝෂ දෙකක් අඩංගු වේ (A1,A2)

A1:B4 - මෙහි කෝෂ 8 ක් අඩංගු වේ. (A1,A2,A3,A4,B1,B2,B3,B4)

C3:E3 - මෙහි කෝෂ 3ක් අඩංගු වේ (C3,D3,E3)

A1,A3,B2,C4 -කෝෂ පරායක් ලියන තවත් ක්‍රමයකි කොමාව යොදා ගැනීම

A1:A2, B5, C1234 මෙහි කෝෂ 4ක් ඇති අතර දෙතිත හා කෝමාව යන සලකුණු දෙකම භාවිතා කර ඇත.