Pages

Feb 18, 2018

පැතුරුම් පත් ම‍ාදුකාංග 1

පැතුරුම් පත් මාදුකාංග ගණිතමය කටයුතු සිදු කිරීමට බාවිතයට ගන්නවා. ඒ කියන්නෙ වැටුප් සැකසීම, ආදායම් වියදම් ඇස්තමේන්තුවක් සැකසීමේ සිට විද්‍යාත්මක ගණනය කිරීමක් වුනත් කරන්න පුළුවන්. මෙම මෘදුකාංගය නිර්මාණය කරල තියෙන්නේ කොටු දැලක් ආකාරයට යි. ඒ කියන්නෙ සිරස් අතට පිහිටි තීරු (Columns) සහ හරස් අතට පිහිට පේලි (Rows) එකිනෙක කැපීයාමෙන් නිර්මාණය වෙනව.



Cell - කෝෂ

කෝෂයක් නිර්මාණය වෙන්නේ තීරු (Columns) පේළි  (Rows) එකිනෙක කැපී යාමෙන්. 
  


කෝෂ ලිපින - Cell Address

එකිනෙක කෝෂ වෙන් වශයෙන් හදුනා ගැනීම සදහා කෝෂ ලිපින භාවිතා කරනව. කෝෂ ලිපියනයක් ලියන්නෙ තීරුවේ අක්ෂරයත් පේළියේ අංකයත් පිළිවෙලින් ලිවිමෙන්.

වලංගු කෝෂ ලිපින කිහිපයක් පහතින් දැක්වෙනව.

උදා. – A1, B12 , AA2345, ABC45678, $A$12

 සක්‍රීය කෝෂය Active Cell


පැතුරුම් පතකට දත්ත ඇතුළු කිරීම සදහා භාවිතා කරන කෝෂය මේ නමින් හදුන්වනවා. මෙම කෝෂය තද  පැහැති දාරයක් සහිත වන අතර Enter Key එඹිම මගින් පහළට ගමන් කරයි. සක්‍රීය කෝෂයේ දකුණු පස පහළ කෙළවරෙහි පිහිටා ඇති කුඩා කොටුව පිරවුම් හැඬලය ලෙස හදුන් වනවා.මෙමගින් වැඩපත තුළ දත්ත පිරවීම (Fill) හා පිටපත් (Paste)කිරීම ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්ත. පිරවීම සිදු කිරීම පිරවීමට අදාල කෝෂය මතට ගොස් පිරවුම් හැඩලය ඔබාගෙන අදාල දිශාවට ඇදීමෙන් පිරවීම සිදු කරන්න පුළුවන්.