Pages

Jan 24, 2016

පරිගණක ප්‍රතිදාන උපාංග

පරිගණක ප්‍රතිදාන උපාංග පහත පරිදි නැවත වර්ග කීරීමට පුළුවන්
  1. මෘදු පිටපත් ප්‍රතිදානය කිරීම
  2. දෘඩ පිටපත් ප්‍රතිදානය කිරීම
  3. ශබ්ද පිටතට ලබාදීම‍
  1. මෘදු පිටපත් ප්‍රතිදාන උපාංග 
  • පරිගණක තිරය/සංදර්ශකය මගින් මෘදු පිටපත් පිටතට ලබා දීම සිදුකරයි.මෙසේ ප්‍රතිදානය කරන පරිගණක තිර ආකර තුනකින් වර්ග කිරීමට හැකිය.
කැතොඩ කිරණ සංදර්ශකය Cathode Ray Tube - CRT
සංක්‍යාංක/අංකිත (Digital ) ආකාරයෙන් ලැබෙ
න සංඥා ඉලෙක්ට්‍රෝන කදම්භ බවට පත් කරමින් පොස්පරස් (Phosphorous) ආලේපකරන ලද තහඩුවක්  මතට පතිතකරවනු ලබයි. මෙය වර්ණ සහ කළු සුදු වශයෙන් පවති (Colour/Monochrome) වශයෙන් පවතී. මෙහි විශේෂ ලක්ෂණ ලෙසින්
  • වැඩි ඉඩක් අවශ්‍ය වීම
  • අහිතකර කිරණ නිකුත් කිරීම.
  • වැඩි විදුලිබලයක් වැය වීම.
  • බරින් වැඩි වීම යනාදිය අවාසි ලෙස සැලකේ.
  • වර්ණවත් සියුම් රටා ඉතාමත් හොදින් දැක්වීම මෙහි විශේෂ වාසියකි.


ද්‍රව ස්ඵටික සංදර්ශකය Liquid Crystal Display - LCD 
වීදුරු හෝ නම්‍යශීලි ප්ලාස්ටික් තහඩු අතර විශේෂ රසායන ද්‍රාවනයක් තැබීමෙන් සකසා ගනී.  එනම් ස්ඵටික පළිඟු ද්‍රාවනයක් යොදා ගනී.
  • ප්‍රමාණයෙන් කුඩාවීම නිසා CRT සංදර්ශකයට වඩා අඩු ඉඩක් ගනි.
  • අඩු විදුබල පාරිභෝජනය
  • අහිතකර විකීරණ නිකුත් කිරීම අවම වීම.
  • බරින් අඩු වීම. මෙහි දක්නට ඇති වාසි වේ.

  • අඩු විභේදන අගයක් (Resolution) පැවතීම මෙහි ප්‍රධානම අවාසිය වේ.

ආලෝක විමෝචන දියෝඩ සංදර්ශකය  Light Emitting Diode 
  • ප්‍රමාණයෙන් කුඩා ඉඩක තැබීමට හැකි වීම.
  • විදුලි පාරිබෝජනය ඉතාමත් අඩුවීම.
  • ඉතා පැහැදිලි හා නිවැරදි වර්ණ රටාවන්ගෙන් යුක්ත වීම.
  • ඇසට වඩාත් හිතකර වීම.
  • අලෝක විමොචන දියෝඩ භාවිතා කිරීම‍

Jan 10, 2016

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ කාර්යභාරය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතාමත් වැදගත් ස්ථානයක් ගන්නවා. ඒකට හේතුව තමයි. නිවැරදි අවබෝධයක් ලබා දීම උදෙසා විස්තරාත්මක හා පැහැදිලි ඉගැන්වීමක් කරන්න පරිගණකය භාවිතයෙන් හැකි වීමයි. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ
  • ඉගැන්වීම සඳහා
  • ඉගෙනීම සඳහා
  • කළමණාකරනය සඳහා 
පරිගණකය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය උපයෝගි කර ගන්නවා. ඉතින් පහතින් සඳහන්  අවස්ථාවන් වලදී  භාවිතය ඉතාමත් හරවත් සහ ක්‍රමවත් ලෙස සිදු කිරීමට හැකියාව පවතිනවා.

  1. ඉගෙනුම් සහ ඉගැන්වීම් කටයුතු වලදි විද්‍යුත් අන්තර්ගතයන් (Electronic Content)භාවිතය කිරීමට ඇති හැකියාව.  ඒ කියන්නෙ පරිගණකය භාවිතා කරල බොහොම පැහැදිලි ලෙස ඉගැන්වීම් කටයුතු කරන්න ගුරු පාර්ශවයට හැකියාව ලැබී තියෙනවා. අපි බලමු විද්‍යාව පාඩමක එන හෘදයවස්තුව වැනි ශරීර අවයව පිළිබදව කරුණු කියා දීමේදී ඒ පිළිබද විඩියෝ දර්ශනයක් මගින් ඉතාමත් පැහැදිලිව හා ඉක්මණින් කරුණු කියාදීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම අපිට බාහිර පරිසරය තුළ අත් හදා බලන්නට බැරි අත් දක්නින්ට බැරි යම් පරීක්ෂණ  රසායනික ක්‍රියාකාරකම් වගේ දේවල් පරිගණකය ඇසුරින් බොහොම අපූරුවට කරන්න පුළුවන්.  උදා. බෝම්බයක ක්‍රියාකාරීත්වය. 
  2. අන්තර් ජලය හා පරිගණක ජාල පහසුකම් යොදා ගනිමින් මාර්ගගත (Online) අධ්‍යාපනය හා මාර්ගගත විභාග සදහා පෙනී සිටීමට ඇති හැකියාව. මේ සඳහ ඉගෙනුම් කළමණාකරන පද්ධති භාවිතයට ගැනෙනවා.(LMS - Learning Management System) මේ සඳහා Moodle කියන විවෘත කේත මෘදුකාංගය බහුලව භාවිතා කරනවා. 
  3. පරිගණක ආධාරයෙන් ඉගෙනීම (CAL - Computer Aided Learning) මෙහිදී ශිෂ්‍යයිනට තමන් කැමති අයුරින් අධ්‍යයනයේ නියැලෙන්නට හැකියාව තියෙනවා. පරිගණකය ඇසුරින් සැකසු අධ්‍යාපනික වැඩසටහන් පරිගණකයේ මතකයේ රදවන්නටත් එහෙම නැත්නම් සුසංහිත (DVD) හා සංයුක්ත (CD) තැටි මගින් භාවිතා කරන්නටත් හැකියාව පවතිනවා. ඒ අනුව තමන් කැමති වේලාවක කැමති අයුරකින් තමන්ට ගැලපෙන වේගයකින් ඉගෙනීමට හැකියාව පවතිනවා. ඒ විතරක් නෙමෙයි මේවා නැවත නැවත භාවිතයට ගන්නටත් පුළුවන් වීම විශේෂයක්.
  4. ලෝක ව්‍යාප්ත ජාලය පදනම්ව ඉගෙනීම හා ඉගැන්වීම (WBT - Web Based Training/Teaching)
  5. රූපවාහිනි ඉගැන්වීම් වැඩ සටහන්
  6. විඩියෝ සම්මන්ත්‍රණ ඇසුරින් ඉගෙනුම් ඉගැන්වීමට කටයුතු සිදු කිරීම.
  7. අන්තර් ක්‍රියාකාරීත්ව සුදු පුවරුව භාවිතයෙන් ඉගැන්වීම (Interactive Whit Board ) 
  8. ඊ-පොත්(E-Books),විශ්වකෝෂ හා ශබ්ද කෝෂ (Encyclopedia, Dictionaries)  භාවිතය. 
  9. මීට අමතරව තොරතුරු ගවේෂණය උදෙසා අන්තර්ජාල භාවිතය.
  10. ඉහත කරුණු සියල්ලම භාවිතයට ගැනෙන්නේ ඉගැන්වීමට හා ඉගෙනීමටයි. ඊට අමතරව විශේෂයෙන්ම කළමණාකරන හා පරිපාලනමය කටයුතු සඳහාද පරිගණකය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදාගන්න පුළුවන්. කාර්යමණ්ඩලයේ පැමිණිම සටහන් කිරීමට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතය, ශිෂ්‍ය හා කාර්යමණ්ඩල තොරතුරු පරිගණක ගත දත්ත පාදක මගින් පවත්වාගැනීම, කාල සටහන් හා කාලච්ජේද වෙන්කිරීමට පරිගණක වැඩටසහන් භාවිතය වගේ දේවල් උදාහරණ ලෙස දක්වවන්න පුළුවන්.