Pages

Aug 25, 2015

පරිගණක වර්ගීකරණය Classification of Computer

පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය


  • පළමු පරම්පරාවේ පරිගණක

    1. රික්තනල භාවිතය
    2. චුම්භකිත බෙර - දත්ත ආචයනය
    3. සිදුරුපත් - දත්ත ආදානය 
    4. යාන්ත්‍රික භාෂාව 


                                                                                                                                                                                                  




Image Source : http://www.computerhistory.org/revolution/birth-of-the-computer/4/92/365

  • දෙවන පරම්පරාවේ පරිගණක

    1. ට්‍රාන්සිස්ටරය භාවිතය
    2. චුම්භක හර තාක්ෂණය
    3. සිදුරුපත්
    4. ඇසෙම්බ්ලර් භාෂාව
    5. Image Source : A UNIVAC computer at the Census Bureau,
 










  • තුන්වන පරම්පරාවේ පරිගණක
  1.  අනුකලිත පරිපථ භාවිතය
  2. ප්‍රමාණයෙන් තවත් කුඩා වීම
  3. යතුරු පුවරුව, මුසිකය භවිතය 
  4. හයිලෙවල් පරිගණක භාෂා භාවිතය





Image Source : http://www.tutorialspoint.com/computer_fundamentals/computer_third_generation.htm


 
  • සිවුවන පරම්පරාවේ පරිගණක
  1. VLSI තාක්ෂණය සහිත ක්ෂුද්‍ර සකසන භාවිතය
  2. ප්‍රමාණයෙන් ඉතා කුඩා විම රැගෙන යාමට හැකිවීම
  3. අඩු විදුලිබල පාරිභෝජනය හා මිල අඩු වීම.
  • පස්වන පරම්පරාවේ පරිගණක

 තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය

  • ප්‍රතිසම පරිගණක
  • අංකිත පරිගණක
  • දෙමුහුම් පරිගණක

ප්‍රමාණය අනුව පරගණක වර්ගීකරණය

  • සුපිරි පරිගණක
  • මහා පරිගණක
  • මධ්‍ය පරිගණක
  • ක්ෂුද්‍ර පරිගණක

කාර්යය අනුව පරිගණක වර්ගීකරණය

  • පොදු කාර්ය පරිගණකය
  • විශේෂ කාර්ය පරිගණකය

Apr 14, 2015

සංඛ්‍යා පද්ධති

එදා ඈත අතීතයේදී සංඛ්‍යා භාවිතා වන්නේ තමන්ගේ කණ්ඩායමේ සාමජිකයන් ගණන ගනන් ගැනීමට, රැළේ සතුන් පිළිබඳ තොරතුරු තබාගැනීමට විතරක්ම නෙමෙයි තමන් සතුව පවතින බව භෝග හුවමාරු කර ගැනීමට යම් මිම්මක් ගාණක් ඇතිව ඒවා සිදු කිරීමටයි. 

යමක් ප්‍රමාණාත්මකව දැක්විය හැකි සංඛ්‍යා කුලකයක් සංඛ්‍යා පද්ධතියක් ලෙස හැදින්වීමට පූළුවන්. මෙවැනි සංඛ්‍යා පද්ධතියක ඉලක්කම් අනුලක්ෂණ වලින් සමන්විතයි.

 සංඛ්‍යා භාවිතයෙන් 

  • ගනන් කිරීමට
  • ගණනය කිරීමට
  • වටිනාකම් දැක්වීමට 
  • අනුපිළිවෙලින් තැබීමට ආදී කාර්යයන් කිරීමට හැකි වෙනවා.


විශේෂයෙන්ම පරිගණකය භාවිතයෙදී සංඛ්‍යා පද්ධතිය අතිශයින් ම වැදගත් වෙනවා.  ඒ කියන්නෙ දත්ත නිරූපණයට සංඛ්‍යා පද්ධති ය සහාය දක්වන අතර පරිගණකය ක්‍රියාකාරීත්වය සිදුවන්නේද සංඛ්‍යා වලින්ම වීමයි. 

සංඛ්‍යාවක් ගත්තහම ඒවායේ ස්ථානීය අගය කියන එක වැදගත්.ඒ කියන්නෙ අපි දන්න 0-9 දක්වා ඇති දහය පාදයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවන් කිහිපයක් බලමු

243 හා 432 යන සංඛ්‍යා දෙකේම එකම සංඛ්‍යා භාවිතා කර තිබුනත් එහි පළමුව ඇති සංඛ්‍යාෙවේ ඇති 2 න් 200 නියෝජනය කරන අතර දෙවැනි සංඛ්‍යාවේ  ඇති 2න්  2ක (දෙක) නිරූපණය කරනවා.ඒ කියන්නනෙ ඒ ඒ සංඛ්‍යාව තියෙන තැන අනුව එහි ස්ථානීය අගය වෙනස් වෙනව කියන එක. ඒත් රෝම ඉලක්කකම් වල එහෙම නෑ එහි ඇති මේ සංඛ්‍යා කිහිපය බලන්න. i,ii,iii, iv, v මෙහිදී හතර යන්න පහට එකක් අඩු ලෙස තමයි දක්වා තියෙන්නෙ. ඒ කියන්නේ පිහිටන ස්ථානය අනුව වටිනා කමහෙි කිසි වෙනසක් නෑ.