Pages

Aug 4, 2011

මූලික පරිගණක මූලධර්ම

පරිගණකය යනු කුමක් ද?

 පරිගණකය යනු සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික තොරතුරු සැකසුම් යන්ත්‍රයක් වන අතර මෙමගින් අමු දත්ත ඇතුලත් කර දෙන ලද උපදෙස් අනුව යම් ක්‍රියාවලියකට (සැකසුමකට) භාජනය කර මිනිස් අවශ්‍යතාවයන් සඳහා තොරතුරක් ප්‍රතිදානය කරනු ලබන යන්ත්‍රයකි.

පරිගණකය යනු ආචයනය (ගබඩා) කළ ක්‍රමලේඛයක පාලනය යටතේ  ලබා ගන්නා දත්ත ස්වයංක්‍රියව සැකසීම් කොට ප්‍රතිදානය කරන යන්ත්‍රයකි.

පරිගණකයට කළ හැකි කාර්යයන්
  • ආදානය නමින් හැඳින්වෙන පිටතින් දත්ත ලබා ගැනීම
  • ප්‍රතිදානය නමින් හැදින්වෙන පිටතට තොරතුරු ලබා දීම 
  • තොරතුරු ආචයනය (ගබඩා) කිරීම
  • ස්ථිර ගබඩාවෙන් තොරතුරු ආපසු ලබා ගැනීම
  • දත්ත සන්නිවේදන චැනලයක් ඔස්සේ තොරතුරු යැවීම
  • දත්ත සන්නිවේදන චැනලයක් ඔස්සේ තොරතුරු ලබාගැනීම
  • දත්ත විවිධ ආකාරයෙන් සකස් කිරීමට භාජනය කිරිම
පරිගණක පද්ධිතයක් යනු විවිධ අවයව රාශියක් එකතු වීමෙන් සෑදුන එකකි. එය මගින් පද්ධතියට අයත් කාරයයන් වන අදානය, සැකසීම, ප්‍රතිධානය, ආචයනය සහ පාලනය යන සියළු කරුනු ඉටු කරයි.  පරිගණකය පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත වේ.
  1. දෘඩාංග 
  2. මෘදුකාංග
  3. ජීවාංග