Pages

Nov 29, 2010

L3 Cache කියන්නෙ මොකක්ද?

 වර්තමානයේ පරිගණකයේ මතකය ප්‍රධාන කොටස් 2කට බෙදා දක්වයි.
  1. ප්‍රධාන මතකය (Main momry/Primary memory)
  2. ද්විතියික මතකය ( Secondary memory)
ප්‍රධාන මතකය කියන්නේ 
  • Random Access Memory (Ram) සසම්භාවි ප්‍ර වේශී මතකය 
  • Read Only Memory (Rom) ස්ථිර මතකය
  • Cache Memory  කැෂ් මතකය
Processor අවශ්‍ය කරන Data නිතරම RAM එකෙන් ගන්න ගියොත් ඒකෙන් දත්ත සැකසීමේ වේගය  අඩු වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම ඒක පරිගණකයේ භාවිතයටත් කරදරයක් . එම නිසා පරිගණකයෙහි කාර්යක්ෂමතාවය වඩාත් හොදින් පවත්වා ගැනීම සඳහා තවත් ප්‍රධාන මතක කොටසක් (Main Memory)  පවත්වාගෙන යනවා එම කොටසට තමයි Cache මතකය කියලා අපි හදුන්වන්නේ . මෙහි Ram එකෙන් ලබාගන්නා දත්ත සහ Processor මගින් සකස ලද දත්ත එනම් යම් තොරතුරු Ram එකට යවන තෙක් රඳවා ගැනීම සිදු කරනවා. Processor යෙහි වේගය වැඩි කිරීමට මේ Cache මතකය ඉතාමත් අවශ්‍ය කොටසක්, මෙහි ධාරිතාවය වැඩි වෙන තරමට කාර්යක්ෂමතාවයත් වැඩි වෙනවා. ඒක නිසා Processor එකට නිතර අවශ්‍ය කරන Data Store කරල තියා ගන්න Cache memory එකක් පාවිච්චි කරනවා. කෑෂ් මතකය සාමාන්‍යයෙන් Ram එකට වඩා speed එකෙන් වැඩියි. Cache memory Level 1, Level 2, Level 3 වශයෙන් Levels තුනකට එනවා. Level 3 Cache එක Level 1 හා Level 2 Cache වලට වඩා Size එකෙන් වැඩියි. හැබැයි අනෙක් දෙකට වඩා speed එක අඩුයි. සමහර විට Level 3 Cache එක Processor එකෙන් පිටතින් පිහිටන්නත් පුළුවන්. නමුත් Level 1 හැම විටම තුලම පිහිටා ඇත.